Spread the love

76 වැනි නිදහස් දිනයට සමගාමිව ජනාධිපති තුමා ඇතුළු දෙස් විදෙස් ප්‍රභූ වරුන් ගමන් කරන බැවින් හෙට (04) දී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, කොළඹ නගරාසන්න දුම්රිය ස්ථාන කිහිපයක නතර නොකරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගමනා ගමන එන්.ජේ ඉදිපොල ගේ මහතා පවසයි.

එදින පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය තුල මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවලත් දුම්රිය නොනවත්වනු ඇත. ප

නිදහස් සමරු උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේ.