Spread the love


නිමල් රාජපක්ෂ-

ඉල්ලීම් කිහිපයකට මෙතෙක් ස්ථිරසාර විසදුමක් නොලැබුන හෙයින් අද(6) මධ්‍ය රාත්‍රියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලොකොමොටිව් ඹපරේටින් ඉංජිනියරින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.ටී.එන් සේනානායක මහතා පවසයි.
බලධාරීන් සැමදාම පෑලැස්තර විසදුම් ලබා දුන්නද ඒවාද නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බලවේග ධාවනාගාරයේ හා විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගක නිරත වෙයි.
මේ හේතුවෙන් හෙට(07) දිනයේ කාර්යාල දුම්රියයන් බොහොමයක් කොළඹ කොටුවේ සිට ධාවනය නොවනු ඇත..ඒ අනුව පාන්දර සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන පුත්තලම ,පානදුර , මහව,පොල්ගහවෙල හා රඹුක්කන යන කාර්යාල දුම්රිය යන් ධාවනය නොවන බවද සේනානායක මහතා පැවසුවේය.
අද(06) රාත්‍රියේ දුරගමන් සේවා ගොස් අදාල දුම්රිය ස්ථානවල ගාල්කර තිබෙන දුම්රියයන් පමණක් කොළඹට පැමිණීමට නියමිතයි්
නමුත් හෙට (7) දිනය තුළ මෙයට ස්ථිරසාර විසදුමක් නොලැබුණ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද සවස කාර්යාල දුම්රියයන් සියල්ල ධාවනය නොවන බවද සේනානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.