Spread the love

දුම්රිය රියදුරු නියාමක සංගම අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වීමට තිබු පැය 48 වර්ජනය අත්හිටවු බව දුම්රිය නියාමක සංමගේ සභාපති තිලකරත්න මහතා පවසයි.

දුම්රිය එංජින් රියදුරු ඇතුලු සේවාවාර කිහිපයක් වෙනුවෙන් ලබා දී ඇති ඛේතයක් නොමැති වැටුප් පරිමාණයේ 12, 23 පියවරයන් දෙවන පෙල හා පලමු පෙල උසස් වීම් සදහා ලබා දීමට අවශ්‍ය තීරණය අද දින අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් වෙත දන්වා යවන බව රියදුරු සංගමය වෙත දන්වා තිබේ.

එබැවින් සංගමය වැඩවර්ජනයක් කැදවූ නමුත්, අදාල තීරණය කැබිනට් මණ්ඩල කාර්‍යාලය අද දිනම ප්‍රවාහන අමාත්‍යංශය වෙත එවන බවට දන්වා ඇති නිසා, කැදවා ඇති වැඩවර්ජනය සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, සූදානම් කල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද, දුම්රිය නගා සිටුවීම සදහා දුම්රිය එංජින් රියදුරු සංගමයේ කැදවුමකරු ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.