Spread the love

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක මහතා පැවසීය.

සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට බලධාරීන් සාකච්ඡාවක් හෝ මෙතෙක් ලබාදී නොමැති බව පැවසීය.

පවතින තත්වය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට සිදුවන බව එහිදී පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (09) දිනයේද දුම්රිය ගමන්වාර 50 ආසන්න සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව වැඩිදුරටත් පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර 06ක් අවලංගු කර බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගත වූ දින 02 තුල දුම්රිය ගමන් වාර 152 අවලංගු කිරීමට සිදුවිය.