Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය නියාමක සංගමය හා වෙනත් දුම්රිය සමිති මෙන්ම වැඩ වර්ජනයට සම්බන්ධ උප නියාමකවරුන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව වර්ජනය අත්හැරීමට තීරණය කරයි.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කරන ලදී. අසණීප නිවාඩු වාර්තා කල උප නියාමකවරුන් නැවත සේවයට මේ වන විට පැමිණෙමින් ඇත. සවස දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.