Spread the love

අදත් දුම්රියක් පිලී පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද දින බණ්ඩාරවෙල හා දියතලාව දුම්රිය ස්ථාන අතර දහවල් 12.00 ට පමණ පිලී පැනීමකට ලක්ව ඇත. මේ හේතුව නිසා දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.

මෙම දුම්රියම ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වු අතර පැය 05 කට පසු එය පීලි ගත කොට මාර්ගය යථාතත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.