Spread the love

නිමල් රාජපක්ෂ-

මරදාන මාතර දක්වා අද (31) ප.ව. 3.40 ට ගමන් ඇරඹු රුහුණු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇත.

දුම්රිය එංජිම හා තවත් මැදිරියක් පීලි පැනිමත් සමගින් අනික් දුම්රිය මාර්ගය හරහා ගමන්කොට තතරවීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගිංතොට දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරිණ. පිලිපැන තිබු දුම්රිය යළි පිලි ගත කොට යළි දුමිරිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම සදහා මේ වනවිටත් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මේ හේතුවේන් මුහුදුබඩ මා්ර්ගයේ දුම්රිය ධාවනය ගිංතොට දුම්රිය ස්තානයට දක්වා පමණක් ධාවනය කෙරේ.