Spread the love

මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් දුම්රිය ධාවනය නතර කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මාර්ගයේ පිලිසකර කිරීම් නොකිරීම නිසා මහව සිට දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයට පැමිණ ඇති බැවින් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.