Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල ,මහනුවර ,මාතලේ,මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ. එම නිවේදනය 29 පස්වරු 02.30 දක්වා බලපැවැත්වෙයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ,හාලි ඇල,බණ්ඩාරවෙල,සොරනාතොට හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් ,මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

පොළවේ ඇතිවන ඉරි තැලීම්,ගැඹුරට හෑරුණු පැළුම් හා පොළවේ ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී යන ගස්,විදුලි කණු,වැටවල් හා දුරකථන කුළුණු ආදිය නිරීක්ෂණය වන්නේනම් හෝ එකවර ජල උල්පත් ඇති වීම් හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම් හෝ අවහිර වීම් වැනි ණාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේනම් කඩිනමින් එම ස්ථාන වලින් ඉවත් වීම ඉතා වැදගත් බව එම ආයතනය සදහන් කරයි.

පවතින වැසි තත්වය තවදුරටත් පවතින්නේනම් පස් කඳු කඩා වැටීම්,ගල් පෙරලීම් සිදුවිය හැකිය.

ඒ හේතුවෙන් කන්ඩි හා බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.