Spread the love

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාල ලිපිය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවය.

තමන් එවැනි කිසිදු සාකච්ඡාවක හෝ යෙදී නැති බවද පැවසූ ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම තරග වදින බවත් කියා සිටියේය.