Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශය අතර පැවති දෙවන විස්ස විස්ස තරඟයෙන් බංගලදේශ කණ්ඩායම කඩුලු අටක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු පහකට ලකුණු 165ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දු වාර දහ අටයි එක පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

බංග්ලාදේශ ඉනිමේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරුවා සම්බන්ධයෙන් තුන්වන මිනිසුරුවා විසින් ලබා දුන් තීරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එහිදී තරඟ විනිසුරුවරයාට සම්බන්ධයෙන් වචන හුවමාරුවකද නිරත විය.