Spread the love

නිමල් රාජපක්ෂ-

රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු මහජන සම්බන්ධී කරණ ලේකම් වන කුලරන්ත වික්‍රමනායක මහතා පසුගියදා (17) අභාවප්‍රප්ත විය. මියයනවිට 78 වියේ පසුවු එතුමා දරුවන් සිව් දෙනකුගේ පියකු විය.


රනිල්වික්‍රමසිංහ මහතා රැකී රක්ෂා හා යෞවන කටයුතු ඇමතිව සිටි යුගයේ කුලරත්න වික්‍රමනායකයන් ,සුනිල් මාගම්මන ,සුරනිමල රාජපක්ෂ යන මහත්වරුන් සමගින් සිය දේශපාලන ගමන ඉතා සාර්ථක අයුරින් සිදුකළහ . පුරා වසර ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා සමගින් කටයුතු කළ කුලරත්න වික්‍රමනායකයන් සිය බියගම ආසනයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට හැකි අයුරින් විසදුම් ලබා දීමට කටයුතු කලේය.ඉතා නිහතමානි ගති පැවතුම් ඇති එතුමා සියා රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කළේය.

හෙයියන්තුඩුව ස්විනීතා නිවසේ ජිවිකාව ගෙනගිය කුලරත්න වික්‍රමානයක මහතාගේ අභාවය සැලවීමත් සමගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹින් බැහරව සිටීම නිසා නන්දා වික්‍රමනායක මහත්මිය වෙත දුරකථන අමැතුමක් ලබාදී සිය ශෝකය පළකලේය.

අවමංගල උත්සවය ඊයේ (19) සිදු කරන අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ සිය ශෝක පණිවිඩය ජනාධිති සම්බන්ධීකරණ ලේකම් සුනිල් මාගම්මන මහතා ප්‍රකාශයට පත් කළේය.


කුලරත්න වික්‍රමනායක මහතා ගේ වැඩිමල් සොහොයුරියන් දෙදෙනා වන කුසුමා වික්‍රමානායක හා පියසීලි වික්‍රමානයක යන සොහොයුරියන් දෙදෙනා සිය මලනුවන්ගේ වියෝව පිළිබදව දැඩි කණස්සල්ලෙන් පසුවුහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

කුලරන්න මහතාගේ බිරිද නන්දා වික්‍රමනායක මහත්මිය හා දරුවන් සිව් දෙනාද , බෑනෑවරුන් හා ලේලි වරුන්ද ,දරුමුනුපුරන් ද .ඤති හිතමිත්‍රාදීන් ද එතුමාගේ වියෝව පිළිබදව දැඩි සංවේගයට පත්වුහ.
එතුමාගේ අවසන් කටයුතු අද සවස හතරට හෙයියන්තුඩුව පොදු සුසාන භුම්යේදී සිදු කෙරිණ. එතුමාට නිවස් සුව අත්වේවායි සියළු දෙනාම ප්‍රර්ථනා කළහ.