Spread the love

ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ IMF විසින් බවත්, මෙරට නායකයින්ට ඒවා ගැන තීරණ ගැනීමේ හැකියාවක් හෝ ස්වාධීනත්වයක් නොමැති බවයි.

ආර්ථික වශයෙන් මේ යන ගමන ගැන තමාගේ පැහැදීමක් නොමැති බවද, IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනතුරු මෙරට කවුරු බලයට පැමිණියත් ඒ අයට බලයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.