Spread the love

ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ මාලිගාවත්ත දෙමටගොඩ පදිංචි කරුවන් පුද්ගලයින් දෙදෙනෙකු මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 නෝට්ටු 4ක් සහ එම මුදල් මුද්‍රණය සඳහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් මුද්‍රණය කරන ව්‍යාජ මුදල් විවිධ ක්‍රම භාවිත කර වෙනත් මුදල් සමග මාරුගකරගෙන අනතුරුව ඒවා යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හෙළිවී තිබේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් රුපියල් 50,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙලෙස හුවමාරු කරගෙන ඇති බවටය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අලුත්කඩේ අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

සිද්ධිය පිලිබද මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි