නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු පිලිබඳ ද්වි පාර්ශවීය සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය 30 වෙනිදා රුසියාවේ මොස්කව් නුවරදී සිදුවිය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතාද, රුසියානු සමූහාන්ඩුව වෙනුවෙන් රුසියානු පෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතාද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
ද්විපාර්ශවීය වෙලඳ ගනුදෙනු වලදී රේගු කටයුතු නීත්‍යානුකූලව හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම මේ තුලින් බලාපොරොත්ත. වන අතර එය දෙරට අතර වෙළඳාමේ වර්ධනය සඳහා සෘජුවම බලපානු ඇතැයි බලාපොරොත්තු වේ.