Spread the love

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ලබන බ්‍රහස්පතින්දා (28) සිකුරාදා (29) දෙදින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.

විභාග මධ්‍යස්ථාන 669කදී විභාගය පැවැත්වෙයි.

ඒ අනුව බෞද්ධ ,හින්දු ,ඉස්ලාම් ,කතෝලික දහම් පාසල් දරුවන් සදහා විභාගය පැවැත්වෙයි.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත යොමුකර තිබේ.

යම් හෙයකින් ප්‍රවේශ පත්‍ර නොලැබුනේනම් විභාග දෙපාර්තමේන්තුවේ apps.exams.gov.lk/principals/admissions වෙත පිවිස නිකුත් කර ඇති පරිශීලක නාමය හා මුරපදය ඇතුලත් කර ප්‍රවේශ පත්‍ර බාගත කර හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.