Spread the love

කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නතර කර ඇති බැවින් ඒ සඳහා උස්සාහ දැරීමෙන් වලකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ඊට හේතුවයි.

මාර්ගගත ක්‍රමවේදය අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.

අද සිට පැමිණි අනුපිළිවෙල අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව පැවසීය.

ඒ අනුව දිනකට ගමන් බලපත්‍ර 750ක් නිකුත් කිරීමට නියමිතයි.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීම හේතුවෙන් ඊයේ (27) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි පීඩාවට පත් විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ හිස් විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් නිකුත් කිරීමද සීමා කිරීම ඊට හේතුව බවයි.