Spread the love

මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් මහනුවර යාචකයන්ගේ සංගමය පැවසු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇසළ පෙරහර සංවිධාන කමිටු රැස්වීමේ දී පැවසුවාය.

මහනුවර මහ නගර සභාව ඇසළ මහා පෙරහර සංවිධාන කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේ දී නාගරික කොමසාරිස් ඉන්දිකා =කුමාරි අබේසිංහ මහත්මිය මේ බව පැවසීය.

නාගරික කොමසාරිස්වරිය තවදුරට මෙසේ ද පැවසුවාය.

‘මහනුවර නගරයේ සිටින යාචකයන් පෙරහර සමයේ ඊට බාධා නොවන අයුරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ව මම දැනුම්වත් කළා. එවිට ඔවුන් පෙරළා ප්‍රකාශ කළේ, අපේ සංගමයේ රැස්වීමක් සහ විධායක සභාවක් තියෙනවා. අද හෙටම එහිදී ගන්නා තීරණය අනුව අපි කටයුතු කරනවා. අපි ඒ තීරණය පසුව දැනුම් දෙන්නම් කියා ඔවුන් මට පැවසුවා.’

මහනුවර දිසා ලේකම් වන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අතිපූජ්‍ය මල්වතු – අස්ගිරි අනුනාහිමිවරුන්ගේ මුලසු- නින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දේවාල වල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන්ගේ සහායෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.