Spread the love

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බාල වයස් කාර දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් පොලිසිි ිය අත්අඩංගුවට ගෙන ඇත.

පුල්මුඩේ පොලිස් වසමේදී අදාළ සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහරකෑමට ලක්වූ අවුරුදු හතරහාමාරක දරුවා පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.