Spread the love

වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර බව පවුල් සෞඛ්‍ය කාර්‍යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥා චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසූවාය.
ජාතික පෝෂණ මාසයට සමගාමීව එම සමීක්ෂණය සිදු කර තිබේ.

ඒ අනුව දරුවන්ගේ බර,උස හා කෘෂ බව පරීක්ෂා කිරීමට නියමිතයි.
පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදු කෙරේ.
පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් වයස අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගත් බව පැවසුවාය.
මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද සිදුවන බව වැඩිදුරටත් පැවසූවාය.