Spread the love

වෛරස් ආසාදනයක් ලෙස පැතිර යමින් ඇති අක්ෂි රෝගය දරුවන් අතර ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මව්පියන්ට හා අධ්‍යාපන බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් පවතියි.

ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත ස්වරූපයෙන් පැතිර යමින් පවතියි.

ඇස් රතුවීම, කඳුළු ගැලීම, කබ ගැලීම හා ඇස්වල පවතින දැවිල්ල මෙම රෝගයේ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ බව පැවසීය.

එම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස සභාපතිවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.