Spread the love

පිරිමි දරුවන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින විදුහල්පතිවරයා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිදුවීමට මුහුණදුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතීඥවරයා ඉල්ලීමක් සිදුකර ඇත.

පසුගිය 22 වැනි දා කතරගම ගෝතමීගම කණිටු විද්‍යාලයේ සිදු වූ අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර අද උදෑසන 9 සිට ගෝතමීගම ගම්මානයේ දෙමව්පියන් අධිකරණ පරිශ්‍ර ඉදිරියේ නිහඬ උද්ඝෝෂණයක නිරත වී තිබේ.