Spread the love

පහත රට අමු තේ දළු මිල වාර්තාගත ලෙස ඉහළගොස් ඇතිබව කුඩා තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි


මේවන විට අමු තේ දළු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 200-250 අතර මිලක පවතියි.
උසස් තත්වයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 රුපියල් 249 ඉක්මවූ මිලක පවතියි
පවතින තත්වය මත ඉදිරියේදි තවදුරටත් පහත රට අමු තේ දළු මිල ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.


හැකිතාක් උසස් තත්වයේ අමු තේ දළු කර්මාන්ත ශාලා වෙත ලබා දෙන ලෙස කුඩා තේ වතු හිමියන්ගෙන් ඉල්ලා සිටියි.