Spread the love

නිමල් රාජපක්ෂ-

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිනි මගියකුගේ ගමන් බෑගයේ තිබිී රුපියල් මිලියන 250 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් ඊයේ (180 රාත්‍රී 11.30 පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් වර්ගයේ මත්ද්‍ර කිලෝග්‍රෑම් 10 197 ක් තිබු බවත් තේ කොල අඩංගුව පැකට් තුළ සගවා තිබියදී රේගුනිලධාරීන් සොයා ගෙන අත.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටඋත්සාහ දැරු මෙම මගියා 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හාඅදාල ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී ඇත.