Spread the love


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.