Spread the love


නිමල් රාජපක්ෂ-

.

රුපියල් මිලියන 60 කින් හම්බන්තොට කච්චිගල්ආර ප්‍රදේශයේ ඉදි කල තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුුතු මේ වනවිට අවසන්කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

එම කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සුත්‍ර ක්‍රියාත්මක කිරීම් හා අත්හදා බැලීම ඊයේ (15) මහින්ද අමරවිර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අප රටේ මේ වනවිට අපනයනය සඳහා වන ඇඹුල් කෙසෙල් වගා කලාප හා සැකසුම් මධ්‍යස්ථාන තුනක් වසරක් තුළ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට හැකී වී තිබේ.
ඉන් පළමුවැන්න රාජාංගනයේත්, දෙවැන්න යාපනයේත් ස්ථාපිත කර ඇති අතර තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය කච්චිගල්ආර ප්‍රදේශයේත් ස්ථාපිත කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපාතියේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මේ වනවිට රාජාංගනයේ අක්කර 800ක, යාපනයේ අක්කර 200ක හා හම්බන්තොට, ඇඹිලිපිටිය කලාපයේ අක්කර 1000ක ඇඹුල් කෙසෙල් වගා කර ඇත. හම්බන්‌තොට කලාපයේ අක්කර 8000ක් දක්වා ඇඹුල් කෙසෙල් වගා කිරීමට සුදුසු බව මේ වනවිට හඳුනාගෙන ඇත.

Baby Banana නමින් ඩුබායි වෙළෙඳපොලට අපනයනය කෙරෙන මෙරට ඇඹුල් කෙසෙල් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුම් කිරීම මෙම මධ්‍යස්ථාන මගින් සිදු කරයි.