රුපියල් ලක්ෂ 30ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් නීති විරෝධීව රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනා නාරම්මල හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම කාන්තාවන් දෙදෙනා ළඟ තිබී දුම්වැටි 20,000 ක් සොයාගෙන ඇති බව සඳහන්.
ඔවුන් එම දුම්වැටි රැගෙන ඒම සඳහා සංචාරක වීසා මගින් ඩුබායි වෙත ගොස් ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.