Spread the love

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී තැපැල් දෙපාර්තුමේන්තුව මගින් ජනතාවට ලබා දි ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

ඒ අනුව තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 2,000 ක මුදලක් අය කරන බවත් එහි මුද්දර 20 ක් සහිත කොළයක් අඩංගු වන බවත් තැපැල්පතිවරයා පැවසුවේය.

මෙය සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් ලෙසද භාවිතා කළ හැකි බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් සඳහන් කරයි.