Spread the love

තැපැල් ගාස්තු වැඩිකිරීමට අවධානය යොමුව ඇතිබව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

ඒ අනුව තෝරාගත් තැපැල් සේවා කිහිපයක් සඳහා ගාස්තු වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
ඊට අදාළ සැලසුම් මීට පෙර සකස්කර බව එහිදී සදහන් කළේය.එහෙත්පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම සැලකිල්ලට ගනිමින් එම ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ බව පැවසීය.

තැපැල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමග ලබන සතියේ දී සාකච්ඡා කිරීමට නියමිත බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.