Spread the love

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (27) තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකි බව එහි සඳහන්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිමිදිරි උදෑසන කාලයේ දී  මල්තුහින ඇති වීමේ හැකියාවක්ද පවතියි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.