Spread the love

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා මෙම සතිය තුළ මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ‌ගේ ආරාධනයක් අනුව ඔහු පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ඔහු එම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.