තවත් ගුවන් ගමන් පාලකවරුන් හතර දෙනෙකු රට හැර ගිය හොත් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව වෙනත් රටකට විකුණා දමන්න සිදුවුණු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අලුතෙන් පුද්ගලයන් බඳවා ගත්තද මෙම ගැටළුව විසඳිය නොහැකි බවත් අලුත් අයෙකු නිසි ලෙස පුහුණු කර ගැනීමට වසර අටකට වඩා වැඩි කාලයක් යන බවත් එහි සභාපතිවරයා සඳහන් කළේය.
ගුවන් ගමන් පාලකවරුනට විදේශයන්හි විශාල ඉල්ලුමක් ඇති බවත් එම වැටුප ගෙවන්නට මෙරට බැරිනම් මෙහි මෙරට ගැටලු හෝ විසඳා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.
දැනට සිටින සීමිත පිරිසට අතිකාල වැඩ කිරීමට නොහැකි බවත් සේවකයන් නැති නිසා අනවශ්‍ය පීඩනයකින් රාජකාරීයේ යෙදීමට සිදුව ඇති බව ද හෙතෙම පැවසීය.
මෙම තත්ත්වය අමාත්‍යවරයාද තේරුම් නොගන්නා බවත් ඔහු වටේ සිටින නිලධාරීන් තේරුම් නොගන්නා බවත් ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.