Spread the love

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න හිමිකරගෙන ඇත.

ඇය එහිදී දැක්වූ දක්ෂතාව විනාඩි 02:05.63 ක් ලෙසයි දැක්වෙන්නේ. එසේම ඇය ඊයේ පැවති කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් විය‍