Spread the love

නාගොඩ- සුමන

තරුණ කාන්තාවන් අතර පෙනහලු පිළිකා ඇතිවීමේ අවධානමක් ඇතිබව ජාතික ස්වසන විද්‍යායතනයෙ විශේඥ වෛද්‍ය ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසීය.
කාන්තා පාර්ශවය අතර දුම්මානය වැඩිවීම මීට හේතුවී තිබේ.
පිරිමි පුද්ගලයන් දුම්පානය කිරිමේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ.
දෙවැනියට ලංකාවේ පිරිමි පුද්ගලයන් අතර බහුලව ඇතිවන පිළිකාව ලෙස පෙනහලු පිළිකා හැඳින්විය හැකිය.
වර්තමානයේ කාන්තාවන් ඇතිවන පිලිකා අතර පළමු පහ අතරට පෙනහළු පිළිකාව ළඟා වෙමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.