Spread the love

.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔන්ලයින් ආරක්ෂණ (Online Safety) පනත් කෙටුම්පතට එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වීමෙන් පසු එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.