Spread the love

බැංකු වැනි දේශීය ආයතන සහ සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාමික අරමුදල් විසින් දරන බැවින් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සීමාවන් තවදුරටත් පවතී. 2023 වසරේදී ක්‍රියාත්මක කරන ලද දේශීය ණය ප්‍රශස්ත කරණ මෙහෙයුම විශාල වශයෙන් රාජ්‍ය මූල්‍ය මත බර ලිහිල් කිරීමට උපකාරී විය. දේශීය ආයතන විසින් දරනු ලබන ණය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම සැලකිය යුතු ආර්ථික හා සමාජීය පිරිවැයක් ඇති කළ හැකිය.

රාජ්‍ය ආදායම, වියදම්, අයවැය හිඟය. හිඟය මූල්‍ය කරණය සහ ණය යන කරුණු සැලකිල්ලට ගත යුතු බහු විධ සාධක සහිත සංකීර්ණ හා සුක්ෂම ක්‍රියාවලියක් බව පැහැදිලි විය යුතුය. සංකීර්ණ මාතෘකා පැහැදිලි කිරීම සඳහා තනි අංකයක සරල, දෝෂ සහිත විශ්ලේෂණයක් භාවිතා කිරීම ප්‍රයෝජනවත් නොවේ. මෙවැනි සරල විග්‍රහයන් මහජනයා නොමග යැවීමට අතීතයේ දී භාවිතා කර ඇති අතර, මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැඹුරු ආර්ථික අර්බුදයට එක් හේතුවකි. නැවත එම වැරදි සිදු කිරීමෙන් වැළකී සිටීම සහ අපගේ විනිශ්චය වෘත්තීය විශ්ලේෂණය සහ සාක්ෂි මගින් මෙහෙයවනු ලබන බව සහතික කිරීම වැදගත් වන බවද හෙතෙම කීය.