Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලාසිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ජනමතය දැනගැනීසට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය කල් නොදැමීම ඉතා වැදගත් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේ බව දැනටමත් ආණ්ඩුවට එම අරමුදල විසිල් දැනුම් දී ඇති බවයි.

‘ජනාධිපතිතුමාත් රජයත් පළාත් පාලන ඡන්දය කල් දාන්න විවිධ කුමන්ත්‍රණ අටවමින් ඉන්නවා.ලොකුම කුරුමානම තමයි මේ ඡන්දයට සල්ලි නැහැ මේ ඡන්දෙට ආරක්ෂාව දෙන්න විදිහක් නැහැ මොකද පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් දෙසැම්බර් මාසේ තිස් එක් වෙනිදා වෙද්දී විශ්‍රාම යනවා කියන එක.ඇත්ත වශයෙන්ම මේ දෙක නම් හේතුව මැතිවරණය කල් දාන්න ,මේ විදිහටම ජනාධිපතිවරණයත් කල්දායි.මහා මැතිවරණයත් කල්දායි. එයා සදාකාලික ජනාධිපති වෙලා ඉන්න උත්සාහ කරයි.

දැන් මේ මොහොතේ ඡන්දය තියෙන එකේ වඩා වැදගත්ම දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් වල ණය ප්රතිව්යුහගත කිරීම සඳහා වූ කාර්යයට මෙයින් සිදුවන බලපෑම. මොකද ඒ ආයතන බලන්නේ ලංකාවේ ජනතාවගේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා. ඔවුන් ඒ බව දැනටමත් ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා. ආණ්ඩුව ඒ එකක්වත් කියන්නේ නැහැ.ඒ නිසා තමයි අද මේ මොහොත වනතුරුත් ණය ප්රතිව්යුහගත කිරීම කිසි දෙයක් සිද්ධ වෙලා නැත්තෙ. ඒ නිසා ආරක්ෂාව පිටින් දාලා සල්ලි පිටින් දාලා මේක කල් දාන්න හදනවා නම් අපි ඒකට එරෙහිව පාරට බහිනවා.

තව එක කුරුමානමක් තමයි මේගොල්ලෝ අල්ලන්න හදන දෙවෙනි එක, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දෙන්න . අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉන්න ද්‍රවිඩ ජනතාවට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.හැබැයි ඒ මුවාවෙන් ඒක සිංහල සහ මුස්ලිම් ජනතාව කුපිත වන ආකාරයට සිදු කරලා නැවත මේ රටේ ජාතිවාදී රැල්ලක් ඇති කරන්න පාර කපන්න නම් ඉඩ දෙන්න බැහැ. මොකද ඒකට දින වකවානු දාගෙන මේ කරන නාඩගමත් ඡන්දය කල් දාන එකේ එක කොටසක්.

ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියන්න කැමතියි කවුරු දිනුවත් කවුරු පැරදුනත් මේ රටේ ජනතාවගේ ජනමතය කොහෙද තියෙන්නෙ කියන එක ජාත්‍යන්තර ආයතන වලට පෙන්වලා දෙන්න අවස්ථාව දෙන්න. ණය ප්රතිව්යුහගත කිරීමට උදව්වක් වෙන විදිහට. අනිත් එක සල්ලි නෑ කියලා ජනාධිපතිතුමා රට යන එක අඩු වෙලත් නැහැ .ඇමතිවරු රට යන එක අඩු වෙලත් නැහැ. ජනාධිපතිතුමාගේ සහ ඇමැතිවරුන්ගේ පාටි වල අඩුවකුත් නැහැ. වියදම් වල අඩුවකුත් නැහැ. ඒ නිසා ඔය බොරු කයිවාරු ගහගෙන එන්න එපා කියලා අපි පැහැදිලිව කියන්න ඕන’