Spread the love

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් අවසන් අදියරට සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව චීනයේ  Gortune International Investment Holding LTD, ඉන්දියාවේ Jio Platforms LTD එලෙස තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% ක කොටස් විකුණා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ..