Spread the love

ජෝර්දානයේ ඇගලුම් කර්මාන්ත ශාලා 02ක් වසා දැමීම හේතුවෙන් පීඩාවටපත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ජෝර්දාන් කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පසුගියදා එරට කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් හමුවී එම ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.

එහිදී වීසා කාලය ඉක්මවා රැදී සිටින ශ්‍රමිකයන් දඩ මුදල් අයකිරීමකින් තොරව පිටත් කර එවීමට ජෝර්දාන් කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් එකඟ වූ බව එම අමාත්‍යංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කර සිටියේ ගුවන් ටිකට්පත් ලබාදීමටත් ,සමාජ ආරක්ෂන දායක මුදල් පිටත්වනදින ලබාදීමටත් වාචික එකඟතාව පළකර ඇතිබවයි.

එමෙන්ම හිඟ වැටුප් හා දිමනා ලබාදීම සඳහා කම්කරු හා වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුතු නීතීඥ සහය ලබා ගැනීමට ජෝර්දාන කම්කරු අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

සාකච්ඡාවේදී එළඹී තීරණ සම්බන්ධයෙන් එම ඇගලුම් කර්මාන්ත ශාලා වල සේවය කර ශ්‍රී ලාංකිකයන් දැනුවත් කර බව එම කාර්‍යංශය පවසයි.

ඒ අනුව එම ශ්‍රමිකයන් අතරින් වෙනත් රැකියා ස්ථාන වලට යාමට අපේක්ෂා කරන්නන් ඊට යොමු කිරීමටත් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රමිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.