Spread the love

දේවගැති ජෙරම් බුදු දහමට අපහාස වන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යළි සමාව ඉල්ලා තිබේ.

බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද ආරම්භ කළ අතර අධිකරණය ද ඔහුට විදේශ ගමන් තහනමක් පැනවීමට පියවර ගෙන තිබුණි.

එවන් පසුබිමක පසුගිය 21 වනදා ඔහු සිංගප්පූරුවේ සිට පැවසුවේ, තම ප්‍රකාශයෙන් සිදුවූ සිත්තැවුල ගැන තමා සමාව අයද සිටින බවය.

මේ අතර තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ද ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු ඊයේ (26) සිය නීතිඥයින් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එමෙන්ම ඔහු සිය ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් යළිත් සමාව ඉල්ලා සිටියේය.