Spread the love

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ජනතාව දැනුවත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.

ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහාද නිසි පරිදි ජනතාව දැනුවත් කරන ලෙසයි කෝපා කමිටුව උපදෙස් ලබාදී ඇත්තේ.

පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවයි කෝපා කමිටුව පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බව කාරක සභාව නිරීක්ෂණයවී හෙලිවී ඇත්තේ .