Spread the love

ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකයන් සමඟ ගමන් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රයන් වෙත වෙළඳ මූල්‍යකරණයට අදාළ ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 17 වෙනිදා කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව නිවේදනය කරයි.

වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩමුළුවේ ප්‍රධාන පුහුණු කරු ලෙස බැංකු වෙළඳ මූල්‍යකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා සහභාගි වනු ඇත.