Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලැබී ඇති වැරදි නීති උපදෙස් හේතුවෙන් ඔහු අමාරුවේ ඇති ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්ෂ මූලස්තනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘ජවිපෙ නායක අනුර කුමාර මැතිතුමා මාධ්‍ය හමුවක දී කියනවා, සිරිසේන ජනාධිපතිතුමා තම ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කිරීම වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ නඩු තීන්දුව මේකට සෘජුවම අදාළයි කියලා. ඒක වැරදි තර්කයක්.

සිරිසේන ජනාධිපතිතුමාගේ තර්කය වුණේ ජනතාව මට වසර හයකට රට පාලනය කරන්න බලය දුන්නා. පාර්ලිමේන්තුව විසින් ඒක වසර පහකට අඩු කිරීමෙන් ජනතා පරමාධිපත්‍ය දැක්වෙන තුන්වන වගන්තිය උල්ලංඝණය වෙනවා කියන එකයි. එතැන දී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ධූර කාලය අඩු කිරීමෙන් නැවත ජනතාව ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන නිසා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණ වෙන්නේ නෑ කියලා.

නමුත් මේ නඩුවට අදාළ වෙන්නේ 3 වගන්තිය නොව 83(ආ) වගන්තියයි. ඒ නිසා මේ නඩුවට ඒ නඩුවේ තීන්දුව අදාල වෙන්නේ නෑ.

අනුර කුමරුට කවුරු හරි වැරදි නීති උපදෙසක් දීලා. ඒ නිසා ඔය තර්කය අරගෙන උසාවි ගියොත් නඩුව පරාදයි සහෝදරවරුනි කියලා තමයි කියන්න වෙන්නේ.

ඒ නිසා අපි ඔවුන්ට කියනවා රට බාරගන්න සැලසුම් හදන්න කලින් ව්‍යවස්ථාව ගැන දන්න එක නීතීඥයෙක් හරි අඩුම ගානේ සොයාගන්න කියලා.