Spread the love

ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර කළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් උරාගැනීම බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

නමුත් දැන් ජාතික ජන බලවේගය ලෙස සිදු කරමින් සිටින්නේ සමාජයට යහපත් දෙයක් කිරීමට කැමති සියළුම දෙනා එකතු කරගැනීම බවත් හෙතෙම කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහනුවර ආසන සමුළුව අමතමිනි.

වර්තමාන අරගලයේ දී නොසලකා හැරීමට කිසිවකු නොමැති බවත් පැවසූ ඔහු ට බලය තහවුරු කර ගැනීමේ වර්තමාන අරගලයේදී සමාජයේ සියලුම කොටස්වල සහාය අවශ්‍ය බවද කියා සිටියේය.