Spread the love

එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී ඒ සියල්ල විනාශ කර දැමීමට 2017 වසරේදී ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවා LTTE යට සහාය දැක්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ “විරු පවුර – සමගි ජනරජයක් වෙනුවෙන්..” යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් හා සිවිල් ආරක්ෂක විශ්‍රාමික නිලධාරීන් ඇගයීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

එහිදී විරු පවුර සභාපති දේශමාන්‍ය දේශබන්දු කපිතාන් ගයාන් විතානගේ මහතාත්, රණවිරු පවුල් වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය හා විරු පවුර අනුශාසක සහ කැඳවුම්කරු මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා සිය අදහස් පලකරනු ලැබූ අතර බොහෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය.