නාගොඩ සුමන
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන්දොරටු විවෘත්ත කර ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 02ක් අඩි 04 බැගින් විවෘත්ත කර තිබේ.
ඉන් තප්පරයට ඝණ අඩි 600ක් මුදා හැරේ.
වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 03 බැගින් විවෘත්ත කර ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් තප්පරයට ඝණ අඩි 738ක් මුදා හැරේ.
රබකැන් ඔයේ වාන්දොරටු දෙකක් අඩි 02 බැගින් විවෘත කර තිබේ.
උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත් වල තවත් ජලාශ රැසක වාන්දොරටු විවෘත්ත කර ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.