Spread the love

නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

පානදුගම ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 6.87ක් දක්වා ඉහළගොස් ඇති බවයි එම දෙපාර්තුමනේතුව සදහන්ත්‍ කෙලේ .;

රාත්‍රී 8ට පමණ එහි අගය සටහන්ව තිබුණේ මීටර් 6.85ක් ලෙසටය.

මෙය මීටර් 7.50ක් දක්වා ඉහළගියහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැක.

මේ වනවිට නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි