ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර ඇත.
ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, JICA ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.