Spread the love

ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇත.

ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබින.

මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක දී කොළඹ පැවති උත්සවයකදී අදහස් පළකරන ලදී.