Spread the love

ජනාධිපති අනුර දිසානායක මහතා වෙනුවෙන් ගිලන් රථයක් මීගමුව රෝහලේ නවත්වා තිබූ බව හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා කටුවාපිටිය පල්ලියට ගිය අවස්ථාවේ එම ගිලන් රථය ජනාධිපතිවරයා අදාළ උත්සවයට පැමිණ පිටව යන තෙක්ම ඔහු වෙනුවෙන් රඳවා තිබූ බවද හෙතෙම කියා සිටී.

දැන් එදා සුඛෝපභෝගී වාහන භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ ජනාධිපතිවරයා අද ගමන් කරන්නේ වෙඩි නොවදින රථයක බවද හෙතෙම කියා සිටී.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ගිලන් රථයක් හා වෙඩි නොවැදෙන වාහන ඇතුළු ඒ ආරක්ෂක වැඩපිළිවෙලට තුළ සිටීමට තමන් කිසිදු විරෝධතාවයක් නැති බවත් රාජ්‍ය නායකයාට එවන් ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ඔහු පැවසීය.

නමුත් ගැටලුව ඇත්තේ ඔවුන් ජනාධිපතිවරණ වේදිකාවේ පැවසූ භාවිතයන් වෙනුවට හාත්පසින්ම වෙනස් දේවල් සිදු කරමින් සිටීම බවත් ඔහු පැවසුවේ ජන හමුවක් අමතමිනි.